Scroll Top
අංක 2/12-2/16, පොල්හේන්ගොඩ පාර, නාරාහේන්පිට, කොළඹ 05

PRESIDENT'S MESSAGE

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ සභාපතිගේ පණිවිඩය
යටත්විජිත සමයේ ආරම්භ කරන ලද අප සංගමය වසර 103 ක කාලපරිච්ජේදයක් රාජ්‍ය සේවයේ නිරත නිලධාරින් සඳහා විවිධ තරඟාවලි සංවිධානය කරනු ලබයි. ලක්ෂ 12කට ආසන්න රාජ්‍ය සේවකයින් අතුරින් රාජ්‍ය සේවා ආයතන/දෙපාර්තමේන්තු/අමාත්‍යාංශ විශාල සංඛ්‍යාවක නිලධාරින් මෙම තරඟාවලි සඳහා වාර්ෂිකව දායකත්වය සපයයි. වර්ෂ 1921දී ආරම්භ කරන ලද රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ ප්‍රධාන වගකීම “රාජ්‍ය සේවයේ නිරතව සිටින නිලධාරින් හා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනු ලැබු විශ්‍රාමිකයන්ගේ නිදහස් කාලය විනෝදයෙන් හා ක්‍රියාශිලිත්වයෙන් මෙන්ම තෘප්තියෙන් ගත කිරීමට පසුබිම නිර්මාණය කිරීමයි" . මෙම අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා විවිධ ක්‍රීඩා ඉලක්ක කර ගනිමින් , තරඟාවලි රාශිය වාර්ෂිකව පවත්වනු ලබන අතර රාජ්‍ය සේවයේ ආයතන /දෙපාර්තමේන්තු /අමාත්‍යාංශ සියල්ලකම පාහේ ක්‍රීඩක/ක්‍රීඩිකාවන් තරගාවලි සඳහා සහභාගිවේ. තවද එම නිලධාරින්ගේ දක්ෂතා පෝෂණය කිරීම, ක්‍රීඩාශීලිත්වය සහ කණ්ඩායම් හැඟිම් සහ සාමුහිකව වැඩ කිරීම තුළින් සමාජයට වැදගත්හා කාර්යක්ෂම මෙහෙවරක් සිදු කරයි. තවද ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ක්‍රීඩා සංගම් ඒකාබද්ධ වීමෙන් විවිධ වැඩසටහන් සංගමයේ සාමාජිකයන්ගේ සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කරනු ලැබේ.

ජි.එල්.සජිත් ජයලාල්
සභාපති
ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය

SECRETARY'S MESSAGE

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ ප්‍රධාන ලේකම්ගේ පණිවිඩය
ශ්‍රී ලංකා රාජ්‍ය සේවා සංගමය සක්‍රීය රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය සේවකයන්ගෙන් හා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබාගත් ස්ථිර විශ්‍රාම වැටුප් හිමි විශ්‍රාමිකයන් ගෙන් සමන්විත වේ. රාජ්‍ය සේවයේ නියුතු නිලධාරින්ගේ දක්ෂතා ඔප්නැංවීමට සහ ක්‍රීඩා පිළිබද දක්ෂතා , හැකියාවන් වර්ධනය කිරීමටත් , එම හැකියාවන් උසස් තලයට ළඟාකර දී කාර්යක්ෂම හා ඵලදායි සමාජ නායකත්වයක් ගොඩනැංවිමේ මහඟු මෙහෙවරක නිරතව සිටි. ක්‍රීඩා කෞෂලයෙන් හා විවිධ දක්ෂතාවලින් පිරිපුන් රාජ්‍ය සේවකයන් හා විශ්‍රාමිකයන් සමාජයට ඵලදායි මෙහෙවරක් ඉටුකළ හැකි සක්‍රීය පුරවැසියන් බවට පත් කිරීම සඳහා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය නිරතුරුවම විවිධ වැඩසටහන් හා ව්‍යාපෘතින් ක්‍රියාවට නංගවයි.වාර්ෂකව පවත්වන ක්‍රීඩා තරඟමාලවන් තුළින් ජාතික තලයේ සිටින රාජ්‍ය සේවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාත්‍යන්තර මට්ටමට ලඟාවීම සඳහා අවස්ථාව උදාකර දෙනු ලැබේ. තවද ඵලදායි රාජ්‍ය සේවයක් ගොඩනැංගවීමට අප සංගමය මඟින් ලබා දෙන සහයෝගය සෞභාග්‍යමත් ගොඩනැංවීමට මහඟු පිටිවහළක් සපයයි.

එම්.ජුඩිත් ප්‍රියානි පෙරේරා
ප්‍රධාන ලේකම්
ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය
Events

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය සංවිධානය කළ 2024 මලල ක්‍රීඩා උළෙලේ ශූරතා හා අනු ශූරතා දිනා ගත් ආයතන හා දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා මළල ක්‍රීඩා තරඟාවලිය – 2025

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා මළල ක්‍රීඩා තරඟාවලිය - 2025

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිඩා සංගමය මගින් සංවිධානය කර පවත්වනු ලබන ශ්‍රී ලංකා රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරඟාවලිය මෙම වර්ෂයේ නොවැම්බර් මස 20 සහ 21 යන දිනයන් හිදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Sri Lanka Government Services Sports Society Badminton Championship – 2025

Join the 2025 Badminton Championship organized by the Sri Lanka Government Services Sports Society. Open to all players, this event celebrates teamwork, skill, and sportsmanship.

Dates : 2nd week of June 2025
Venue : Colombo (MBA)
Entries close on : 20th of May 2025

Social Networks
Recent Posts
Elle-2025

රාජ්‍ය සේවා එල්ලේ තරගාවලිය

පිරිමි ආධුනික සූරතාවය අධ්‍යාපන දෙපාර්තමේන්තු කණ්ඩායම .එහි අනුසූරතාව කොළොන්නාව නගර සභා කණ්ඩායමට. කාන්තා සූරතාවය අධ්‍යාපන දෙපාර්තමේන්තු කාන්තා කණ්ඩායමට. අනුශූරතාවය. තැපැල්…

Banner
Table Tennis

Table Tennis Tournament

රාජ්‍ය සේවා මේස පන්දු තරගාවලිය -2024
Carrom

Carrom Tournament

රාජ්‍ය සේවා කැරම් තරඟාවලිය -2024
Football

Foot Ball Tournament

රාජ්‍ය සේවා පාපන්දු තරගාවලිය - 2024